මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එදින අධිකරණයේ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකුගේ පමණ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පසුගියදා කටයුතු කර තිබුණා.
ඒ අනුව ඊට අදාල විමර්ශන සිදු කිරීම සදහා ඔවුන්ගේ ජංගම දුරකතන එම කොට්ඨාසයට ගෙන තිබෙනවා.
ඝාතන සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරි ගාමිණි බී දිසානායක මහතා ප්‍රකාශ කළා.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් පෙර සිටම දැනුවත්ව සිටි බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
ඔහු දැනට අතුරුදන්ව සිටින සැලසුමේ මහ මොළකරු ලෙස හැදින්වෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේවෙතත් සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ.
එමෙන්ම, මෙම කාන්තාව දැනට කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායි හි රැදී සිටින ශාන් අරෝෂ හෙවත් ”මතුගම ශාන්” ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන්ගේ ආරක්ෂාව යටතේ රැදී සිටින බවට විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මතුගම ප්‍රදේශයේ මතුගම ශාන්ට අයත් සහ සැකකටයුතු වෙනත් ලැගුම්හල් ඇතුලු ස්ථාන පරීක්ෂාවට ලක්කර තිබුණා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.