සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එදින අධිකරණයේ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකුගේ පමණ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පසුගියදා කටයුතු කර තිබුණා.
ඒ අනුව ඊට අදාල විමර්ශන සිදු කිරීම සදහා ඔවුන්ගේ ජංගම දුරකතන එම කොට්ඨාසයට ගෙන තිබෙනවා.
ඝාතන සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරි ගාමිණි බී දිසානායක මහතා ප්‍රකාශ කළා.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් පෙර සිටම දැනුවත්ව සිටි බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
ඔහු දැනට අතුරුදන්ව සිටින සැලසුමේ මහ මොළකරු ලෙස හැදින්වෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේවෙතත් සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ.
එමෙන්ම, මෙම කාන්තාව දැනට කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායි හි රැදී සිටින ශාන් අරෝෂ හෙවත් ”මතුගම ශාන්” ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන්ගේ ආරක්ෂාව යටතේ රැදී සිටින බවට විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ මතුගම ප්‍රදේශයේ මතුගම ශාන්ට අයත් සහ සැකකටයුතු වෙනත් ලැගුම්හල් ඇතුලු ස්ථාන පරීක්ෂාවට ලක්කර තිබුණා.
news19.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.