කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක ශ්රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත් විය.
ශ්රී ලංකාව වෙනුවෙන් බිනුර ප්රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) කඩුලු 2 බැගින් දවාගත්හ.
ලකුණු 173ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 163ක් පමණි.
එහිදී අගනා පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක පන්දු 60කට මුහුණ දෙමින් ලකුණු 90ක් රැස්කළේය. කුසල් මෙන්ඩිස් ලකුණු 47ක් රැස්කළේය.
තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.