මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වනවිටත් සාමකාමිව පැවැත්වෙන බවත් සැලකිය හැකි තත්වයේ ගැටළුවක් මතුවී නැති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
"සෑම දිස්ත්‍රික්කයකම තමන්ගේ ඡන්දය භාවිත කිරීම සඳහා බොහෝවිට ඡන්දදායකයින් තමන්ගේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන බව තමයි අපිට වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක සියල්ලගේම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා මෙවර ඡන්දය පාවිච්චි කිරීම සඳහා. අපි දිගින් දිගටම සඳහන් කළ ආකාරයට උදෙන්ම පැමිණ තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම කියන කාරණයට බොහෝ දෙනෙක් ඉදිරිපත්වී ඇති බවයි අපිට දකින්න ලැබෙන්නේ. මේ වනවිට ඡන්ද මධ්‍යස්ථානවල විශේෂයෙන් සැලකිය හැකි තත්වයේ ගැටළුවක් මතුවී නැහැ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.