සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය පවසයි.
එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මෙම මිල ඉහල යාම සිදුව ඇති බවයි ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පවසන්නේ.
"20%ක් ඒ කියන්නේ 5න් එකක පමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15%ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 - 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. මේ කාරණා දෙක තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර කලින් අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ඇවිත් තියෙනවා වැට් සම්බන්ධයෙන් ඒ අය යම් විශ්ලේෂණයක් කරගෙන යන ගමන් ඉන්නේ ඉන් පසුව පිළිතුරක් ලබාදෙනවා කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.