ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තමන් "මෝදර නිපුන" ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණි.
කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකතන අලෙවිසලක හිමිකරුවකු පසුගිය පෙබරවාරි 21වනදා රාත්‍රීයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.
අනතුරුව පළාගිය වෙඩික්කරුවන් දෙදෙනාව පොලීසිය විසින් එදිනම අත්අඩංගුවට ගත් අතර වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවියද සොයාගත්තේය.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සඟවා තිබූ ගිනිඅවි පෙන්වීම සඳහා වෙඩික්කරුවන් පොලීසිය විසින් මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩික්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ලකිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණි.
පසුගිය ජනවාරි 22වනදා අලුයම එය සිදුවූ අතර ඊට මද වේලාවකට පසුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති කෝසල ලියානාරච්චි මහතාට දේශීය දුරකතන අංකයකින් ඇමතුමක් ලැබී ඇති බව පොලීසිය පැවසීය.
මෝදර නිපුන තමන් බව පවසමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා එහිදී පවසා ඇත්තේ, "ගම්පහ දාපු සෙල්ලම් දාන්න බැහැ, හොඳින්ද නරකින්ද වෙන්න ඕනේ" යනුවෙනි.
අනතුරුව කොටහේන පොලීසිය ඊයේ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය වෙත අදාළ මරණ තර්ජනය පිළිබඳව සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.