ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බවත් ප්‍රහාරවලින් තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතැයි වාර්තා නොවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඊශ්‍රායලයේ නවතම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසිය.
"අප පදිංචි ටෙල් අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ මිසයිල ඊශ්‍රායල් ගුවන් හමුදාව හා අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කරන විට බිත්ති දෙදරුම් කනවා. නිවාසවල වීදුරු සෙලවෙනවා. ප්‍රදේශ කිහිපයක් ගොඩනැගිලි හා වාහන ගිනිගැනීම් වාර්තා වුණා. තුවාල සිදුවීම් 50කට අධික බව වාර්තා වුණා."
"තුවාලකරුවන් අතරට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අයත් බව වාර්තා වෙන්නේ නැහැ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි."
"ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් සීමාව තව දුරටත් වසා දමා තිබෙනවා."
"ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඩුබායි හි කොන්සල් ජනරාල් කාර්යාලය හා අබුඩාබි ගුවන්තොටුපොළේ රැදුණු ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු පිළිබඳ කටයුතු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය සිදු කරනවා."
"ඔවුන්ට තාවකාලිකව රැඳී සිටීමේ වීසා හා නවාතැන් පහසුකම් ලැබී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නිවාඩු ගොස් සිටින සියලුදෙනා තම ගුවන්ගමන් බලපත්‍රයේ පිටපතක් හා නැවත ඊශ්‍රායලයට ඇතුලත් වීම සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ පිටපතක් තානාපති කාර්යාලයට එවන මෙන් දැනුම්දෙනවා. එමගින් ඔවුන්ගේ Re-entry විසා කාලය දික් කරගැනීමට උපකාර කළ හැකියි."
"තානාපති කාර්යාලයේ නිලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර පවතින තත්ත්වය මත උපකාර අවශ්‍ය පිරිසට තානාපති කාර්යාලයේ නිලධරීන් ඇමතිය හැකියි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.