මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ 'ගෝඩ් ෆාදර්' ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධිය.
ඔහුගේ පුතා වන අත්අඩංගුවට පත්වූ නදීන් බාෂික් නැමැත්තා පසුගිය පෙබරවාරි මස 16 වන දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි අයෙකි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.