සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව ඡන්ද විමසීමක් සම්බන්ධයෙන් අල්ලස් ලබාදීමක දී මෙතෙක් පැවති රුපියල් 500යේ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ දැමීමට සහ සංග්‍රහ කිරීමෙන් අල්ලස් ලබාදීමකදී රුපියල් දෙසීයක් වූ දඩ මුදල රුපියල් 750,000ක් දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධනයෙන්, යෝජනා කර තිබේ.
ඡන්ද විමසීමක දී අයුතු බලපෑම් සිදුකිරීමක් සම්බන්ධයෙන් වන වරදකට පැවති රුපියල් 500ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බව සඳහන්ය.
එමෙන්ම ඡන්ද විමසීමකදී අන් අයෙකුගේ නාමයෙන් පෙනී සිටීමේ වරදකට අදාළව පැවති රුපියල් 300ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට ද අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.
එම පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.