සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි.
ඒ අනුව අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති යන 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා වන බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.