ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි.
ඒ අනුව අදාළ ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු හා සැකකාරියව ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති යන 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා වන බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.