කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.
කානි වෙස්ට්, ටයි ඩොලා සයින් නම් ශිල්පියා සමඟ එක්ව නිර්මාණය කළ “Carnival” නැමැති ගීතය 67 ග්‍රැමී සම්මාන උළෙලේ සම්මානයක් සදහා නිර්දේශ වී තිබුණි.
මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව බියන්කා මෙම උළෙලට දිගු කළු ලොම් කබායකින් සහ විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සහභාගී වී සිටියේය.
කෙසේවෙතත්, සෙන්සෝරි රතු පලස මතදී ඇගේ කළු කබාය ඡායාරූප ශිල්පීන් ඉදිරියේ ඉවත් කළ අතර එහිදී ඇය ඉතා දුහුළු කුඩා ඇඳුමකින් සැරසී සිටිය නමුත් එය දිස්වූයේ සම්පූර්ණයෙන්ම නිරුවත් පෙනුමකිනි.
එම ක්‍රියාවෙන් අනතුරුව දෙදෙනාම උළෙලටත් සහභාගී නොවී පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන් දෙදෙනාම නිරතුරුව මෙවැනි ක්‍රියා සිදු කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.