දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ මියගිය පිරිස අතර ළමුන් සිටින බවත් 50ට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ය.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති රැළියට සෙනසුරාදා දස දහස් ගණනක් ජනයා රැස්ව සිටියහ.

රැළිය පැය කිහිපයක් ප්‍රමාද වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර රූපවාහිනියේ විකාශය වූ දර්ශනවල දැක්වුණේ, දහස් සංඛ්‍යාත සෙනඟ අතරේ ඇතමුන් ක්ලාන්ත වී වැටෙන ආකාරයයි.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.