යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඉකුත් ජුනි 3 වෙනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කොළඹ පිහිටි සිය නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
සිද්ධියෙන් දින 10කට පසු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා තමා මුහුණදුන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැති බවත්, රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන කලකිරීමක් පවතින බවත් ය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බව සඳහන් කළ මන්ත්‍රීවරයා සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නැතැයිද කීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ පහරදීම සිදුවූ බව කියැවිණි. පහර දීමෙන් පසු ගුණතිලක රාජපක්ෂ යුද හමුදා රෝහලට ඇතුලත් කෙරුණු අතර පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකට ලක් කෙරිණි.
තමා පඩි පෙළකින් වැටී තමා ආබාධයට ලක්වී යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බව කී ගුණතිලක රාජපක්ෂ චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවද සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.