යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයාගෙන තිබේ.
ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් කොමිසමට ඊයේ (07) නියෝග කළේය. ඒ මුදලට ගත් ඇපකරුවන් දෙදෙනකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි උල්ලංඝනය කළේ යැයි කියන චෝදනා මත ය.
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම පසුගිය මාර්තු 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.
ඊට අමතරව අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේය.
ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණි.
කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 2015 මාර්තු 9 වන දින දක්වා කටයුතු කරන ලදී, එයට පෙර මිහින් ලංකා සමාගමේ හා මොබිටෙල් සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරියා ලෙස කටයුතු කරන ලදී.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලබා ඇති අතර මෙල්බෝන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හිමි කරගෙන ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.