ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ සිටි හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මෙහිදී පැවසීය.
"මම මාධ්‍යවේදියෙක් අහනවා දැක්කා සීවලී අලුත්ගොඩ මහත්තයාගෙන් වැරදි විදියට බහාලුම් පිටකරපු නිලධාරීන්ට ලබාදෙන දඬුවම මොකක්ද කියලා. අනේ ඒ අහිංසකයා අසරණ වුණා. මොකද හොරාගේ අම්මගෙන් පේන ඇහුවත් හොරාගෙන් පේන අහන සිරිතක් නෑ. සීවලී අලුත්ගොඩ තමයි බහාලුම් නිදහස් කරන තීන්දුව ගත්ත කමිටුවේ සභාපතිවරයා. බහාලුම් නිදහස් කරපු මනුස්සයගෙන් අහනවා. ඒ අයට දඬුවම් කරන් නැද්ද කියලා."
"නිලධාරීන් රටින් පැනීමේ සුදානමක් තියනවා. බෙල්ජියමට සහ ඔස්ට්‍රේලියාවට. ඒ නිසා ඒ අයට විදෙස් ගමන් තහනමක් පනවන්න කියලා අපි CID එකෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඔහු මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.