ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
වප් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද (06) චන්ද්‍රයා "සුපර් මූන්" ලෙස දිස්වන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.
ඒ අනුව, අද දිනයේ චන්ද්‍රයා, සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව සියයට 7ක පමණ විශාලත්වයකින් හා වැඩි දීප්තියකින් දිස්වන බව එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස පවසයි.
චන්ද්‍රයා "සුපර් මූන්" ලෙස දිස්වන අවස්ථා වසරකට කිහිප වරක් දැක ගත හැකි වන අතර ඉලිප්සාකාර කක්ෂයේ දී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම අද දිනයේ පුර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ද නිරීක්ෂණය කළ හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ පියදාස සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.