සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් තීරණය කර තිබේ.
ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බහුලව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර එම කරුණු සලකා බලමින් අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇත.
අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව අවශ්‍ය ආයතනවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවට මුහුණ දී ඇති ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමට මෙම කමිටුව මගින් සිදුකරනු ඇති බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.