යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
වන අලි මිනිස් ගැටුම විසඳීම සඳහා පුරවැසි සහභාගිත්වය සහිත ක්‍රමවත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර තිබේ .
එහිදී ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඔහු පෙන්වා දුන්නේ ලංකාවේ වන අලින්ගෙන් 70%ක්ම වෙසෙන්නේ රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව බැවින් මෙය ජාතික මට්ටමින් අවධානය යොමු කළ යුතු බරපතළ තත්ත්වයක් බවයි.
විශේෂයෙන් කහල්ල පල්ලෙකැලේ ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුම කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට ද දැඩිව බලපාන බවත්, විද්වතුන් ඉදිරිපත් කර ඇති ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම පදනම් කරගනිමින් මේ සඳහා ස්ථිර විසඳුම් සෙවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරියේදී එල්නීනෝ තත්ත්වයක් ඇති වුවහොත් වියළි කාලගුණය හේතුවෙන් අලි මිනිස් ගැටුම, වගා හානි සහ අස්වැන්න අඩුවීම වැනි ගැටලු විෂම චක්‍රයක් ලෙස වර්ධනය විය හැකි බැවින් ඒ සඳහා කඩිනම් සැලසුම් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම කාසිකොටේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය යටින් ඉදිවන අලි උමගේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ සම්බන්ධීකරණය වෙමින් කඩිනම් කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.