CLOSE

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී කාල්ටන් නිවසට පැමිණ මහින්ද රාජපක්ෂ ගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මෙහිදී මහින්ද රාජපක්ෂ ට සිය ස්තූතිය පළ කර ඇත.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.