මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් අතරතුර එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර විරෝධතාකරුවන් පාගමනක් යෑමට සුදානම් වීමත් සමග මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබුණි.
එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.