ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ, එරට "ව්‍යවස්ථාව රකින බවටත්, ඊට සහයෝගය දෙන බවට සහ ආරක්ෂා කරන බවටත්" ප්‍රතිඥාවක් දෙමින් ය.
84 හැවිරිදි ඔහු සිය නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 12කට වැඩි පිරිසක් සමඟ ඩකා හි ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්නේ "අවංකව" තම රාජකාරිය ඉටු කරන බවට ප්‍රතිඥා දෙමිනි.
බංගලාදේශය අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මව්බිමට පැමිණි නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් "කළ යුතු වැඩ ගොඩක්" ඇති බව ප්‍රකාශ කළේය.
බ්‍රහස්පතින්දා ප්‍රංශයේ සිට ඩකා අගනුවරට පැමිණීමෙන් පසු 84 හැවිරිදි යුනුස් බීබීසීයට පැවසුවේ “ජනතාව උද්යෝගිමත්” බව ය.
වසර 15ක් බංගලාදේශය අයෝමය හස්තයකින් පාලනය කළ නායිකාවක වන ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් දින කිහිපයකට පසු ඔහු යළි මව් බිමට පැමිණියේය.
පුද්ගලයින් සිය ගනනක් මරණයට පත් කළ - සති ගනනාවක් පුරා ශිෂ්‍යයින් විසින් මෙහෙයවන ලද විරෝධතා වලින් පසුව ඇය ධුරයෙන් ඉල්ලා අස් වූවාය.
ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයින් සහ ශිෂ්‍ය විරෝධතා නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මහාචාර්ය යුනුස් නම් කිරීමට තීරණය විය.
තමන් මිලිටරි නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිළි නොගන්නා බව ශිෂ්‍යයන් අවධාරණය කළ අතර මහාචාර්ය යුනුස් අන්තර්වාර ආණ්ඩුවට නායකත්වය දීමට ඔවුහූ කැමති වූහ.
දුප්පතාගේ බැංකුකරුවා ලෙස හඳුන්වන මහාචාර්ය යුනුස් වසර ගණනාවක අත්තනෝමතික පාලනයකින් පසු බංගලාදේශයට ප්රජාතන්ත්රවාදය නැවත ගෙන එනු ඇති බවට දැන් අපේක්ෂාව වී තිබේ.
බංගලාදේශය යළි ගොඩනැංවීමේදී "විනය" අවශ්‍ය බව බ්‍රහස්පතින්දා ඔහු අවධාරණය කළේය.
"වෙහෙස මහන්සි වී එය ඉටු කරන්න," ඔහු ගුවන් තොටුපළ ඔස්සේ ගමන් ගන්නා අතරතුර සිනාමුසු මුහුණින් යුතුව පවසා සිටියේ "නව අවස්ථා පැමිණ තිබෙනවා." යනුවෙනි.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.