මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මෙම අදහස් පල කළේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ අද (04) පැවැත්වෙන නිදහස් සැමරුම් උළෙල අමතමින්.
එහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
“කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා. එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතුයි.”
එමෙන්ම, තැලෙන පෑගෙන යටත් වැසියකු නොවී ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කර කර ගන්න නම් අප සියලු දෙනා එක්ව මව්බිම වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.