රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
වර්තමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුවන බැවින් කවුරුන් හෝ මුදල් ඉල්ලා සිටියහොත් කිසියම් පසුවිපරමකින් තොරව මුදල් ලබා දීමක් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පවසයි.
ඔහු පැවසුවේ මෙරට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවරයෙන් ඇතුළු වී ඔහුගේ ග්රාහකයන් වෙත මුදල් ඉල්ලමින් පණිවිඩ යවා ඇති බවත් ඇතැම් පුද්ගලයින් එම තොරතුරු විශ්වාස කරමින් ලබා දී ඇති ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කිරීමේ සිදුවීම්ද වාර්තා වී ඇති බවත් ය.
"මේක සිද්ධ වෙන්නේ ඒ ප්‍රධාන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා එසේත් නැතිනම් ලින්ක් එකක් ලැබෙනවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මීටිමකට ප්‍රවේශ වීමට. එසේත් නැතිනම් දේශනයකට ආරාධනාවක් කරන විදිහට තමයි මුළින්ම ආරාධනාව ලැබෙන්නේ.
ඒ ලැබිලා සුළු මොහොතකට පසුව ඔහුට ලැබෙනවා කෙටි අංකයක්. ඒ අංකය කියන්නේ ඒ ගිණුමට ප්‍රවේශ වීමට ලබා ගන්නා කෙටි යෙදවුම. ඒ ඔස්සේ ගිණුමට ප්‍රවේශවෙලා පණිවිඩයක් යනවා ලබා දෙන ගිණුමට මුදල් ලබා දෙන්න කියලා හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් කියලා.
අපි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විදිහට මහජනතාවට දැනුම් දෙන්න කැමතියි විශේෂයෙන් කිසිම පුද්ගලයෙක් හට එක්වරක් ලැබෙන මේ අංකය එසේත් නැතිනම් OTP අංකය කිසිම වෙලාවක ලබා දෙන්න එපා කියලා.
ඒ වගේම කිසිම වෙලාවක නොදන්න කිසිම පුද්ගලයෙක් තමන්ගේ ජාලවලට ඇතුළත් කරගන්නත් එපා. ඒ වගේම මුදල් ඉල්ලා සිටියහොත් කිසියම් පසුවිපරමකින් තොරව මුදල් ලබා දීමක් සිදුකරන්නත් එපා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.