සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
ඔහු මේ බව කියා සිටියේ “හඳුනා ගනිමු. ප්‍රතිකාර ගනිමු. ජය ගනිමු’’ මැයෙන් පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් ඊයේ දින (02) පැවැත්වුණු වැඩසටහනක දී ය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගේ ප්‍රධානත්වයෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මෙන්ම, කලාකරුවන් සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන පරිශ්‍රයෙන් සිට හැව්ලොක් සිටි දක්වා විශේෂ පාගමනක් ද ඊයේ දින සිදුකෙරුණි.
අවුරුදු 20 වැඩිනම් සායනික පියයුරු පරීක්ෂාවක් කරගන්න
වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20 – 40 අතර කෙනෙක් නම් වසර 3 කට වරක් හා අවුරුදු 40 කට වැඩිනම් සෑම වසරකදීම සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේවල කැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.
පියයුරු පිළිකාව කල් ඇතිව හදුනා ගැනීමෙන් ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි බවත්, ඒ සදහා සිදුකරන පරීක්ෂාවන් වලට අමතරව ස්වයං පියයුරු පරීක්ෂාව ද සිදු කර ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 26 ම ආවරණය වන පරිදි වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයත් වෙනත් ජාත්‍යන්තර සංවිධානත් වෙනත් පිළිකා සදහා දිනයක් පමණක් නම් කර තිබෙන බවත්, පියයුරු පිළිකාව සම්බන්ධයෙන් මසක්ම නම් කර තිබෙන්නේ එහි වැදගත්කම නිසා බවත්, මෙම රෝග තත්වය කල් ඇතුව හදුනා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකියාව පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.