ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
කපිතාන්වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද හිටපු ජනාධිපතිවරයා කීය.
"අඳුරු යුගය පසුකර ප්රජාතන්ත්රවාදය අගයන යුගය බිහිවෙමින් තිබෙනවා. අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා. ඒ අයට අවශ්‍ය මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට අදින්න. ක්‍රියාවෙන් දේශපාලන කරන විවේචන පමණක් කරන කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ. රට ඉදිරියට ගෙනයන නායකයන් හමුවේ පමණක් හිටගන්නැයි ජනතාවගේ ඉල්ලා සිටිනවා'' යැයි කළුතර පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.