රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
රාජ්‍ය නිලධාරීන් කප්පම් හෝ අල්ලස් ඉල්ලන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි තමා ඉල්ලා සිටින බවත්, එලෙස ක්‍රියාකරන නිලධාරීන් රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ජන බලවේගය ඊයේ (04) සංවිධාන කළ මොනරාගල ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
"පළමු වතාවට දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදුජනතාවගේ අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද?... රිදෙනවා...දුක ඇති ගොඩක්... දැන් නැවත උත්සාහ කරනවා මේක පරාජය කරන්න සහ වට්ටන්න. මේක එහෙම වට්ටන්නත් බැහැ, පරාජය කරන්නත් බැහැ. ඒවා ඒ ගොල්ලෝ දුකට කියන කතා. ඇත්තටම සමහරවිට ඒ ගොල්ලෝ රෑට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති. මොකක්ද මේ වුණේ කියලා... ඔවුන් හැමදාම හිතුවේ ජනතාව රවට්ටන්න, බියවද්දන්න. චන්ඩින්ගේ පාලනය අවසන්... අර වීරප්පන්ලා පාලනය කරනවා වගේ තමයි මේ අප්පන්ලා රට පාලනය කළේ. ඒවා අවසන් කරන්න ඕනේ."
දේශපාලකයාට කොමිස් දීපු යුගය ජාතික ජන බලවේගය අවසන් කරලා ඉවරයි. ඒ වගේම අපි රාජ්‍ය නිලධාරීන්ට කියනවා. දේශපාලකයින් විදියට අපි අපේ වැඩේ පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීනුත් කොමිස් ඉල්ලන වැඩේ නතර කරන්න. පුරවැසියන්ට කියනවා කිසි කෙනෙකුට කප්පම්, පගාව දෙන්න එපා. එහෙම කවුරුවත් ඉල්ලුවොත් අපිට කියන්න. කියන කෙනාගේ වැඩේ ඉක්මනට කරලා දෙනවා. ඉල්ලපු කෙනා ගෙදර යවනවා, එහෙමයි මේ රට හදන්න ඕනේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.