මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව ජනපතිවරයා එම තීරණය ගත් බව යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ.
පසුව ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.