සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිවේරිය හා අක්මීමන වෙඩි තැබීම් සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් කණ්ඩායම් 07 ක් පත් කර ඇති බවයි.
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රි කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේය.
පොලීසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ගාල්ල අක්මීමන තලගහ ප්‍රදේශයේ වෙඩි තැබිම පිළිබඳ විමර්ශනයට පොලිස් කණ්ඩායම් 04ක් අනියුක්ත කර තිබේ.
ඊයේ(13) පස්වරුවේ කළ මෙම වෙඩි තැබීමෙන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයෙකු මිය ගියේය.
පොලීසිය සඳහන් කළේ ඔහු සිය මිදුලේ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි.
සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදි දෙකක් යක්කලමුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදි සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
වෙඩි තබා ඇත්තේ මීලිමිටර් 9 වර්ගයේ පිස්තෝලයකිනි.
ඝාතනයට ලක්වු 61 හැවිරිදි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ විශ්‍රාම ගොස් තිබුණේය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.