මාර්ගයේ ගිලා බැසීමක් : බොරැල්ල දෙසට ගමනාගමනය සීමා වෙයි
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
අතිකාල සේවාවලින් ඉවත් වීමේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කරන්නේ.
"මේ වෙද්දි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතා බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම තුළ. එක් අතකින් ඔවුන්ව දැඩි ලෙස පීඩනයකට ලක්කර ඇති අතර, අනෙක් අතට පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. මේ තුළින් තැපෑල බිඳ වටෙනවා කියලා තැපැල් පරිපාලනය හොඳාකාරවම දන්නවා. මොකද සේවකයින් 10ක් ඕන තැනට දැන් ඉන්නේ එක් කෙනයි. අද දවස ඇතුළත පිළිතුරක් නැත්නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවල මෙය ක්‍රියාත්මක වෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි පැය 36 සදහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.