මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි ITAK පක්ෂ නායකයා ගේ නිවසේදී අද (7) පස්වරුවේ සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.
තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වෙයි.
ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.