සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (17) ලංකාදීප පුවත්පතට පවසා තිබේ.
සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මන්ත්‍රීවරියට හිමි ව්‍යාපාරික ස්ථානයට පැමිණ මෙම පිරිස මන්ත්‍රීවරියට ඊයේ (16) පස්වරුවේ පරදී ඇති බවත් එම පහරදීමෙන් මන්ත්‍රීවරියගේ මුහුණට සහ හිසට තුවාල වී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කියා ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් එම පුවත්පත කළ විමසුමකදී පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පහරදීමට සම්බන්ධ කිසිවෙක් අද පස්වරුව දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත්ය.
යූ. සඳමාලි මෙම සිද්ධිය පිළිබඳව පවසා තිබුණේ නගර සභාවේ රැස්වීමට සහභාගි වී පැමිණිමෙන් පසුව ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ බැන වැදී පහරදුන් බවත් තුවාල ලැබූ තමන් පහර දුන් පුද්ගලයන්ගෙන් මිදී පාරේ ධාවනය වෙමින් තිබූ වාහනක නැගී ජාතික රෝහලට පැමිණි බවත්ය.
මුලාශ්‍ර : ලංකාදීප පුවත්පත
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.