යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.
සංචාරය අතරතුර, ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිතයි.
දේශපාලන හා ප්‍රජා නායකයින් හමුවීම සඳහා සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට ද ඔහු සහභාගී වීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘති සහ ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද උප ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇති.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද, උප ජනාධිපති රාධක්‍රිෂ්ණන් සමඟ එම සංචාරයට එක්වීමට නියමිතයි.
අද පැමිණෙන ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
ඒ අනුව, අද (19) සහ හෙට (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.