මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
20-20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
ඒ අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගාවාරය ආරම්භ කරමින් පැවති තරගයේදී පන්දු 49කින් ලකුණු 150ක් ලබා ගනිමිනි.
සැන් ෆ්රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ෆින් ඇලන්, වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතා දැක්වීය.
පන්දු 51කින් ගොඩනැගුණු ඔහුගේ සම්පූර්ණ ඉනිමට හයේ පහර 19ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර එහිදී ඔහු විසින් බිඳදමනු ලැබුවේ 2022 වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් එරට විස්සයි20 ලීගයේදී පන්දු 52කින් ලකුණු 150 සම්පූර්ණ කර පිහිටුවා තිබූ වාර්තාවයි.
මේ අතර මෙම තරගයේ දී ඇලන් හයේ පහර 19ක් එල්ලකළ අතර, එයද විස්සයි20 තරගයකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව විය.
මෙරට වේලාවෙන් අද (13) පෙරවරුවේ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සැන් ෆ්රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 269/5ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට පන්දුවාර 13.1කදී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.