ඉරාන තානාපති කාර්යාලයේ අද (23) පැවැත්වුණ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනයේදී, ඊට එක්වූ ඉරාන නෞකා තුනටම, මෙරටට මිත්‍ර සංචාරයක් සිදු කරන මෙන් ශ්‍රී ලංකා නාවික හමුදාපති විසින් ඉරාන නාවික හමුදාපති වෙත සුහද ආරාධනාවක් කර තිබූ බව මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් පැවසුවේ ය.
ඉල්ලීම් දෙකට ම අවසර දුන්නේ නැහැ - ජනපති
සමස්ත මධ්‍යස්ථභාව ආරක්ෂා කිරීම පිණිස ඉරානයෙන් මෙන්ම ඇමරිකාවෙන් ලැබුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ජනපති ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"ඉරානයේ නැව් පිළිබඳ ප්රශ්නයේදී විශේෂයෙන් 2026-02-26 වන දින අපෙන් ඉල්ලීමක් කළා මාර්තු 09 සහ 13 දිනවලදී සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයකට නාවික යාත්‍රා 03ක් ලංකාවට පැමිණීමට අවශ්‍ය යි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දීම පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියා. ඒ වගේ ම එදින ම සවස එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටියා ප්‍රහාරක ගුවන් යානා දෙකකට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා අපේ රටේ මධ්‍යස්ථභාවය පිළිබඳ. ඒ වන විටත් යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතු වී තිබුණා. ඒ නිසා අපි මේ ඉල්ලීම් දෙකට ම අවසර ලබා දුන්නේ නැහැ. ඇතැම් අය ප්‍රශ්න කළා ඇයි ඉරාන නෞකා දෙකට අවසර දුන්නේ නැත්තේ කියලා. එහෙම කළා නම් අපේ සමස්ත මධ්‍යස්ථභාවය ම ගිලිහෙනවා. ඒ වගේ ම අපේ කලාපයෙන් ඈත පැවති යුදමය ගැටුමක් මත්තල සහ කොළඹ වරායට ළඟා වෙනවා. කුමන පීඩනයක් මධ්‍යයේ වුව ද අපි රට ආරක්ෂා කළා."