ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.
සුන්බුන් අතර සිරව සිටියදී මුදා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් සිදුවු මෙම අනතුරින් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර මුදා ගැණුනු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සුන්බුන් අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සිරව සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් සිදුකර බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර අදාල ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදුවු ස්ථානය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් අවට ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.