මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේෂ සහගත කටකතා පතුරුවමින් තම කීර්ති නාමයට හානි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.
“මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.
මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!
මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු. “ යනුවෙනුයි ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.