සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ ඊයේ (9) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
පුරුෂයන් අතර බහුල පිළිකා ලෙස පළමුව මුඛ පිළිකාවත් දෙවනුව පෙනහළු පිළිකාවත් තෙවනුව මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාවත් සැලකෙන බව ඔහු පවසයි.
කාන්තාවන් අතර බහුල පිළිකා ලෙස පළමුව පියයුරු පිළිකාවත් දෙවනුව තයිරොයිඩ් ග්රන්ථ පිළිකාවත් තෙවනුව මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාවත් සැලකෙන බව ඔහු පවසයි.
කාන්තා පියයුරු පිළිකා රෝගීන් 5500ක් පමණ වසරකට හඳුනා ගැනෙන බව ඔහු වැඩිදුරටත් පැවසිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.