යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ ගෙවීම් කටයුතු අද (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක මුදලක් ගෙවීමට නියමිතයි.
එමෙන්ම දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක මුදලක් ගෙවනු ලබන බවද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.