ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලබයි.
ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල් සැමරීම සිදුකෙරුණි.
අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්රාප්තියෙන් අනතුරුව පැවති ප්රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වු අතර ඒ සඳහා ලොව නන්දෙසින් විශාල කිතුණු බැතිමතුන් පිරිසක් එක්ව සිටිය හ.
නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි.
නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පැවසුවේ, සමාජය පිරිසිදු කිරීමට තණ්හාව දුරු කළ යුතු බවය.