මාර්ගයේ ගිලා බැසීමක් : බොරැල්ල දෙසට ගමනාගමනය සීමා වෙයි
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ජූලි මස 26වැනිදා දිනට යෙදි ඇති ජගත් කඩෝලාන දිනයේදී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ‘කඩොලානට දලුලන්න ඉඩදෙන්න‘ යන මැයෙන් අද (21) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජූලි 26 වැනිදාට පරිසර අමාත්‍යංශයත්, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව අංශයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව මෙම කඩොලාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩසටහන් සංවිධාන කර ඇත.
ජූලි 26වැනිදා පෙ.ව 8.30 ට ආනවිලුන්දාව අභය භූමියේදී කඩෝලාන සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩසටහන් සංවිධාන කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
එදිනම පෙ.ව 12.00ට පරිසර අමාත්‍යංශයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව පාලවිය කරඹ කඩෝලාන වනාන්තරයේදී, පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩෝලාන වනාන්තර 08ක් මාදන්පේ – මරම්බැට්ට්ය මුකලාන , හලාවත – මැරවල C , හලාවත – මැරවල B , හලාවත – මැරවල A , හලාවත – මැරවල , ආරච්චිකට්ටුව – කුසල , ආරච්චිකට්ටුව – කරුකපනේ B රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය ගැසට් පත්‍ර අත්සන් කිරීමද සිදු කරන බවද ඔහු පැවසිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි පැය 36 සදහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.