මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ක් වන අතර ප්රචාරක වියදම් වාර්තා දී ඇත්තේ, අපේක්ෂකයින් 4 දෙනෙකු පමණයි.
ඒ, ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ හා කේ.ආනන්ද කුලරත්න යි .
මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු අතර අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
කොමිසම පැවසුවේ, 13 වැනිදාට පසු වාර්තා ලබා දුන්න ද, එය නීතිවිරෝධී ක්‍රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.