මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවත් වාර්තා වේ.
මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති අතර පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එහි අනෙක් බස් රථයේ ගැටී තිබේ.
අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙතත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.