මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ(05) දිවයිනට පැමිණියේ ය.
මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක් සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ යි.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටී.
ඉන් 8 දෙනෙකු මීට පෙර මුදවා ගැනුණි.
තවත් 33 දෙනෙකු මියන්මාරයේ මියාවඩි නගරයේ සිට කිලෝමීටර 26 ක දුරකින් එම අපරාධ කල්ලි ග්‍රහණයේ රැඳී සිටී.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.