කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කටයුතු සුදානමින් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය සඳහන් කරන්නේ තරගාවලිය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇතුළු වීම් දොරටු ජනතාව සඳහා විවෘතව තැබෙන බවයි.
2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ජූලි මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සහ නේපාල කණ්ඩායම් පළමු තරගයේදී තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා පිළ සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟ ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සහභාගී වීම සඳහා මැලේසියාව, නේපාල සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් මේ වන විටත් දිවයිනට පැමිණ තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.