රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනෙන බවත් මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවා ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ගත්විට මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව හෙළිවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්රිත පිළිකා, මොළය ආශ්රිත පිළිකා සහ අස්ථි ආශ්රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව දක්නට ලැබේ.
කාන්තාවන් අතර වඩාත් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ පියයුරු පිළිකා අවදානම බවත් 2023 වසරේ වාර්තා වූ කාන්තා පිළිකා රෝගීන් අතරින් 26% ක්ම අයත් වූයේ පියයුරු පිළිකා කාණ්ඩයට බවත් වාර්තා වේ.
පිරිමින් අතර බහුලව වාර්තා වෙමින් තිබෙන්නේ මුඛ පිළිකාවය. 2023 වසරේ වාර්තා වූ පිරිමි පිළිකා රෝගීන් අතරින් 12.6% ක්ම මුඛ පිළිකාවට ගොදුරු වී තිබුණි.
වසරක් තුළදී ආසන්න වශයෙන් ළමා පිළිකා රෝගීන් 1,000ක් මෙරටින් වාර්තා වන අතර ජාතික පිළිකා ලේඛනයේ නවතම දත්ත අනුව 2021 වසරේදී ලියුකේමියාව, වසා ගැටිති ආශ්රිත පිළිකා, මොලය ආශ්රිත පිළිකා සහ අස්ති ආශ්රිත පිළිකා ආදී ළමා පිළිකා රෝගීන් 1,032ක් හඳුනාගෙන ඇත.
පිළිකාවෙන් වැලකි සිටීමට සමබල ආහාර වේලක් ලබාගැනීම වැදගත් බව පිළිකා විශේෂඥ වෛද්‍ය සංජිව ගුණසේකර පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.