ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ, ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බවයි.
හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබා දීමට පසුගිය රජය සමයේ තීරණය කෙරිණ.
මේ අවස්ථාවේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රජය තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර , කොළඹ විරෝධතාවක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පැවැත්විණ.
වයඹ, සබරගමුව සහ මොරටුව විශාවවිද්‍යාල වල වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක ගැටළු විසදීම,, රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය රැකගැනීම හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සූදානම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් උද්ඝෝෂණය ඊයේ පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ය.
පසුව පිරිස ලෝටස් වටරවුම හරහා ජනාධිපති කාර්යාලය දෙසට යාමට උත්සහ කළ අතර පොලිසියෙන් ඊට බාදා එල්ල විය.
ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට ජනාධිපති කාර්යාලයට ගොස් සිය ගැටළු ඉදිරිපත් කළ අතර පසුව ඊයේ රාත්‍රියේ අග්‍රමාත්‍යවරිය හමුවී සාකච්ඡා කිරීමටද අවස්ථාව හිමි විය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.