රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ කළේය.
ඒ අනුව පළමුවෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.
01. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකර හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකරන් - ධීවර, ඡලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නිලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය
13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ - වෙළෙ ඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.