මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
තමන් මෙම සටන අත්හරින්නේ නැති බවත්, ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද(16) පැමිණි අවස්ථාවේදීයි.
තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු බව මහින්ද රාජපක්ෂ එහිදී අවධාරණය කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී 3.14%ක ප්‍රතිශතයක් සමගින් ඡන්ද 350,429ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු ආසනයක් සමගින් ආසන 3ක් හිමිවිය.
ඒ අනුව, ජාතික ලැයිස්තු ආසනය වෙනුවෙන් පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් නිවේදනය කළේය.
.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.