මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මාතර නිල්වලා ගඟේ ඉදිකර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති කරුණු සලකා බලා ජනාධිපති ලේකම්වරයා අදාල උපදෙස් ලබා දී ඇත.
ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්වයක් මෙන්ම ගොවි බිම්වලට ලවන ජලය පැමිණීම සිදුවන්නේ ද යන්නත්, ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යනයකින් අනතුරුව සිදු කළ යුතු බවටත් එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවරුන් විසින් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව ලබා දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.