රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් ට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ට අභියෝග කර සිටියි.
ඔහු එම අභියෝගය කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් ගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම සඳහා ඔහුගේ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය.
"මෙම පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නෑ. මේ කමිටුවේ සාමාජිකයින්ගේ හැකියාව හෝ. අපක්ෂපාතීත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක්කරලා නෑ. පසුගිය 21 වනදා අපි ජනගත කරපු අල්විස් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ සභාපති ධුරය දැරූ අල්විස් විශ්‍රාමික විනිසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක් ගැන චෝදනා නගන්න පුළුවන් දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතිතුමාට බීමත්ව රිය පැදෙව්වයි කියලා චෝදනා තියෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකළේ කොහොමද කියලා චෝදනාවක් තියෙනවා. කාටද බැරි චෝදනා නගන්න. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි චෝදනාවක් නගනවා නම් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. ඒ නිසා මම ගිය සතියේ මෙතන අභියෝග කළා විජිත හේරත් ඇමතිතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වුණාය කියන සාක්ෂි මීළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි විජිත හේරත් මැතිතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදීන් කෝ ඇමතිතුමනි කෝ සාක්ෂි කියලා විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාවි කියලා. කමිටුව සොයාගත් කරුණුවලට පිළිතුරු සැපයීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන කියන්න තීරණය කළා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.